Home » වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක වාහන 17ක් ගැටී ගිනි ගනී 

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක වාහන 17ක් ගැටී ගිනි ගනී 

16ක් මරුට

by mahesh
December 15, 2023 1:00 am 0 comment

වෙනිසියුලාවේ හි කැරකස් අගනුවර ආසන්නයේ අධිවේගී මාර්ගයක සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 16 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථ කිහිපයක ගැටීමෙන් පසු ගිනි ගෙන ඇතැයි ද, එක පෙළට මෝටර් රථ 16ක් ගින්නට හසු වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. අනතුරෙන් පසු මෝටර් රථ ගිනි ගැනීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවත්, තුවාල ලැබූ තවත් පුද්ගලයන් 6 දෙනකු රෝහල් ගතකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෝටර් රථ පෙළෙහි ගැටුණු ට්‍රක් රථය ගිනි ගන්නාසුලු දියර වර්ගයක් ප්‍රවාහනය කරමින් තිබූ බැවින් අනතුර සිදු වූ වහා එම ට්‍රක් රථය ගිනි ගත් බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. ගිනි ජාලාව හේතුවෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම වසා දැමීමට බලධාරීන්ට සිදු වූ බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT