Home » පාකිස්තානයේ ඉහළට ගිය උද්ධමනය අඩු කිරීමට පෙට්‍රල් හා ඩීසල් මිල පහළ දැමීමට යෝජනාවක්

පාකිස්තානයේ ඉහළට ගිය උද්ධමනය අඩු කිරීමට පෙට්‍රල් හා ඩීසල් මිල පහළ දැමීමට යෝජනාවක්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ආහාර සහ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් පාකිස්තානයේ උද්ධමනය මේ මස මුල් සතියේදී මාස හයක් ඇතුළත ඉහළම මට්ටමට ළඟා වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. එය නොවැම්බර් මස අවසන් සතියේ වාර්තා වූ උද්ධමනයට වඩා 1.16% කින් ඉහළ යෑමක් බවත්, ඒ අනුව එරට උද්ධමන අගය 42.68% ක් වූ බව ද වාර්තා වේ.

පාකිස්තාන රුපියල අවප්‍රමාණය වීමට, භාණ්ඩ මිල ඉහළ යෑමට සහ බලශක්ති ගාස්තු ඉහළ යෑමට වසර 2021 පෙබරවාරියේ සිට අඛණ්ඩව පවතින ඉලක්කම් දෙකක උද්ධමනය හේතු වී ඇති අතර, මේ තත්ත්වය මඟ හරවා ගනිමින් උද්ධමනය පහත හෙළීමට එරට රජය ලබන 16 වැනිදා පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද පහළ දැමීමට යෝජනා වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT