Home » Bureau Veritas ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට සේවා සැපයීම අරඹයි

Bureau Veritas ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට සේවා සැපයීම අරඹයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

සාමාන්‍යාධිකාරී හර්ෂ වනසිංහ (වමේ) සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු-ව්‍යාපාර සංවර්ධන සිදත් විමලනන්ද

වාණිජමය විද්‍යාගාර පරීක්ෂණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයෙකු වන Bureau Veritas ආයතනයට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම සතු අති නවීන විද්‍යාගාරය හරහා ක්‍රමාංකණ සේවා (calibration services) සැපයීමේ පහසුකම් ආරම්භ කරන බව සමාගම පසුගියදා නිවේදනය කළේය. අංක 270, දෙහිවල පාර, බෙල්ලන්විල යන ස්ථානයේ පිහිටි සමාගමේ විද්‍යාගාරය මඟින් මෙම නිරවද්‍ය ක්‍රමාංකණ සේවාව ලබාගත හැකිය.

විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් දෙස් විදෙස් සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික මට්ටමේ ක්‍රමාංකණ සේවා පහසුකම් ලබා ගැනීම දීර්ඝකාලීන අඩුපාඩුවක්ව පැවති අතර, මෙම නව සේවාව තුළින් එම අඩුපාඩුව මඟහැරී යාම විශේෂත්වයකි. තව ද Dimensional metrology, mass and volumetric Metrology සහ temperature metrology යනුවෙන් ප්‍රධාන ක්‍රමාංකණ සේවා නිර්මිත කොටස් තුනක් පවතින අතර, මෙම ක්‍රමාංකණ සේවා නිර්මිතවලට ISO 17025:2017 යටතේ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

සමස්තයක් ලෙස මෙම සේවාව මඟින් calibration of calipers, external micrometers, circular sample cutters, steel rulers, dial gauges, thickness gauges, crock meters, balances, weights, glassware, piston operated pipettes, refractometers, hydrometers, pH meters, thermometers, cold refrigerated storages, ovens, incubators, water baths, furnaces සහ RPM of rotors ආදී අවශ්‍යතා රැසකට අදාළ ක්‍රමාංකණ සේවා සැප‍ෙයනු ලැබේ.

ක්‍රමාංකණය අපගේ සේවා ගොනුවට එකතු කරගැනීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත්වෙනවා. මේ හරහා වෙළෙඳ පොළේ පැවැති දැවැන්ත අඩුපාඩුවක් සම්පූර්ණ කරන අතරම, සමාගම්වලට අන්තර්ජාතික විශ්වාසයෙන් යුත් ක්‍රමාංකණ සේවාවක් ලබා ගැනීමටත් අවස්ථාව උදාවෙනවා යනුවෙන් Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී හර්ෂ වනසිංහ මහතා පැවසුවේය.සුදුසුකම් ලත් තාක්ෂණික විශේෂඥයින් සහ ඉහළම ප්‍රමිතියේ උපකරණ ආශ්‍රිතව සිදු කරන විද්‍යාගාර පරීක්ෂණ හරහා උපරිම ගුණාත්මකභාවයක්, වේගයක් සහ කාර්යක්ෂමතාවක් සැපයීමට Bureau Veritas සමාගම කැපවී සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT