Home » ශ්‍රවණාබාධිත දරුවන්ට සහනයක් ගෙනෙන “අපේක්ෂා ස්වර දැහැන” දෙසැ.16වැනිදා

ශ්‍රවණාබාධිත දරුවන්ට සහනයක් ගෙනෙන “අපේක්ෂා ස්වර දැහැන” දෙසැ.16වැනිදා

by chanaka
December 14, 2023 12:46 pm 0 comment

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ උපතින් ශ්‍රවණාබාධිත දරුවන් හට ප්‍රකෘති ශ්‍රවණ හැකියාවක් ලබා දීම සදහා සිදුකරනු ලබන කර්ණසංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහා සහ එම දරුවන්හට ප්‍රකෘති ශ්‍රවණ හැකියාවක් ලබාදීම, ආධාරක උපකරණ මිළදී ගැනීම වෙනුවෙන් අවශ්‍ය වන මුදල් පරිත්‍යාග කිරීම සදහා ඉදිරිපත් කරන “අපේක්ෂා ස්වර දැහැන” සංගීත ප්‍රසංගය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වේ.

එදින සවස 6.00 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී “අපේක්ෂා ස්වර දැහැන” පැවැත්වෙන බව එහි සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය පැවසුවාය.

උපතින්ම පූර්ණ ශ්‍රවණාබාධිත තත්ත්වයට පත් දරුවන්ට සිදුකරන කර්ණ සංඛ බද්ධකිරීමේ ශල්‍යකර්මය මගින් ද, අර්ධ ශ්‍රවණාබාධිත දරුවන්ට ශ්‍රවණාධාරක මගින්ද ශ්‍රවණ තත්ත්වය වැඩිදියුණු කිරීමට මෙම ප්‍රංසගයෙන් එකතුවන මුදල් යොදවන බව විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය කියා සිටියි.

එසේම ශ්‍රවණාධාරක සදහා සහ කර්ණසංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සහ ඉන්පසු ඒවා ක්‍රියාකාරී ලෙස නඩත්තු කිරීමට විශාල පිරිවැයක් හා මුදලක් දැරීමට සිදුවේ. එම මුදල දැරිය නොහැකි නිසාම ශ්‍රවණ තත්ත්වය නිසි ලෙස වර්ධනය කරගෙන, සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සමාජගත වීමට ඇතැම් දරුවන්ට නොහැකි වී ඇත. එම නිසා එවැනි දරුවන්ට පිහිටවීමට හා උදව් උපකාර කිරීම සදහා අරමුදලක් ස්ථාපිත කිරීමට යෝජනා කර දැනට මූළික කටයුතු කරමින් පවතින බව විශේෂඥ වෛද්‍යතුමිය සදහන් කළාය. යෝජිත එම අරමුදලට ආධාර පිණිස ද අරමුණු කර ගනිමිනි ප්‍රසංගය සංවිධාන කෙරේ.

මෙම ප්‍රසංගයේ දී ප්‍රසංග ආමන්ත්‍රණය සිදු කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් නිෂ්ෂංඛ මහතා විසිනි.

සංගීතය විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රීතාල් වාද්‍ය වෘන්දයයි.

ගයාන් ගුණවර්ධන, එරන්දි හේශානි සමගම ආධුනික ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙය වර්ණවත් වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT