Home » තායි රජ පෙළපතට අපහාස කළ මන්ත්‍රීවරියට වසර 6ක සිර දඬුවම්

තායි රජ පෙළපතට අපහාස කළ මන්ත්‍රීවරියට වසර 6ක සිර දඬුවම්

by sachintha
December 14, 2023 1:11 am 0 comment

සමාජ මාධ්‍යජාලය ඔස්සේ තායිලන්තයේ රාජකීය පෙළපතට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රුක්චනොක් ශ්‍රිනෝක්ට වසර 6ක සිර දඬුවම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ‘මූව් ෆෝවර්ඩ්‘ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන 29 හැවිරිදි ශ්‍රීනෝක් වසර 2020 දී තායිලන්ත රජු වන මහා වජිරලොංකෝන්ට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කොවිඩ් එන්නත් වර්ගයක් සම්බන්ධව විවේචනය කරමින් ට්විටර් (වර්තමානයේ එක්ස්) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තැබූ සටහනකින් එම අපහාසය සිදුවූ බව තහවුරු වී තිබේ. එරට රාජකීය නීතියට අනුව වසර තුනක සිර දඬුවමක් සහ පරිගණක අපරාධ පනත යටතේ තවත් වසර 3ක් ඇතුළත්ව මේ සිර දඬුවම පනවා ඇතැයි වාර්තා වේ.

ඇය මේ වන විට තායිලන්ත භාත් ලක්ෂ තුනක ඇප අයැදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඇගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් පාර්ලිමේන්තුවෙන් ද නෙරපා දමනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT