ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වූ සංකේතාත්මක යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හදිසි රැස්විමේදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු බවත්, රටවල් 10ක් විරුද්ධව ඡන්දය භාවිත කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ. තවත් රටවල් 23ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මානුෂීය සටන් විරාම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළ රටවල් අතරට අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ චෙක් රාජ්‍යය ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඡන්ද ගණන් කිරීමේදී තානාපතිවරු සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අත්පොලොසන් දුන් බවත් වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව විසින් හමාස් සංවිධානයට එරෙහිව අඛණ්ඩව සිදු කරනු ලබන බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 18,205ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද තවත් පනස් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය අය අතුරින් වැඩිදෙනකු කුඩා දරුවන් බවත් වාර්තා වේ.