උමාඔයේ අතුගංගාවක් වන මැදකදුර ඔය හරහා ඉදිකර තිබූ අනාරක්ෂිත කොන්ක්රීට් පාලමක් අධික වර්ෂාවත් සමඟ ඊයේ (13) රාත්‍රි කඩාගෙන යාමෙන් පාලම මමතින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු මැදකදුර ඔයට වැටී තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ හපුතලේ මැදකදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65, 54 වයසේ පසුවෙන දෙදෙනකු යැයි රෝහල් ප්‍රකාශයකු කීය .
මෙම කාන්තාවන් දෙදෙනා නිවස කරා පාගමනින් යමින් උමාඔය මැදකදුර ඔය හරහා ඉදිකර ඇති අනාරක්ෂිත කොන්ක්‍රීට් පාලම මතින් ගමන් කරමින් සිටියදී මෙසේ පාලම කඩා ගෙන ඔයට වැටී ඇත.
ඔයේ ගල්තලාවක් මතට මොවුන් ඇද වැටී ඇති අතර ,තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .