Tuesday, April 8, 2025
Home » සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය සමග සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය සමග සාකච්ඡා

by yasara
December 14, 2023 11:17 am 0 comment

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුධය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම ඊට හේතුවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡා වලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සදහා මූලික ශඛයතා අධ්‍යයනයක් සිදුකර තිබිණි. එහි මාළඹේ සිට පිටකොටුව දක්වා වන ඉදිකිරීම් වලට අදාළව සවිස්තරාත්මක සැලසුම්, කොන්ත්‍රාත් ලේඛණ, ලංසු ලේඛණ ඇස්තමේන්තු හා අධීක්ෂණ සේවා සැපයීම සදහා ජාත්‍යන්තර උපදේශණ සමාගමක් පත් කෙරුණු අතර එම මූලික කරුණු වෙනුවෙන් වෙන් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120 කි.

මෙම මූලික කටයුතු 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු අතර එය අවසන් වීමට තිබුණේ මාස 91කිනි. කෙසේ වෙතත් මාස 21 ක උපදේශන කාල සීමාවෙන් පසු එනම් 2020 දෙසැම්බර් 31 වන දින වනවිට ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. මෙම උපදේශන කටයුතු නතර කරන විට ව්‍යාපෘතියේ මූලික සැලසුම් 60% ක් අවසන්ව තිබුණු අතර විස්තර සැලසුම් 78% ක් අවසන්ව තිබේ.

මාළඹේ දක්වා පාංශු පරීක්ෂණ මෙන්ම පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන්ව තිබේ.

ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත් කර ගැනීමද ආරම්භ කර ඇති අතර ඒ සදහා හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22 කි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ බොහෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බවයි.

එහෙත් අදාළ අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නොමැති බවයි. සැහැල්ලු දුම්රිය සේවාව අවලංගු කිරීම හේතුවෙන් උපදේශන සේවා සදහා පත්කළ සමාගම ඉල්ලා සිටි ආලාභහානි විශ්ලේෂණය කර ගතයුතු පියවර තීරණය කිරීමට ඇමති මණ්ඩලය සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර ජයිකා ආයතනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ණය මුදලින් එය ගෙවීමට එකග වී තිබේ. එහෙත් ලබාගෙන ඇති ණය මුදල සක්‍රීය වී නොමැති නිසා ගෙවීම් සිදු කළ නොහැකි වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT