ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සංචිතය ලබා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය සතුටු වන බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේදී ඔවුන් හමු වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටට අවශ්‍ය සහාය දෙන බව යැයි ද ඒ අනුව විපක්ෂයේ කුහකයන් නොසිටින අතර රට ගොඩ ගැනීමේ යම් කාර්යකට දායක වීමට හැකි වීම සම්බන්ධයෙන් මුළු පක්ෂයම සතුටු වන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
307