සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මඟින් දේශීය වෛද්‍ය ක්‍රම පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධානය කළ, ‘සුවධරණී සිසු නැණ දිරිය’ දැනුම මිනුම අන්තර් පාඨශාලාන්තර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මාලාවේ, කොළඹ දිස්ත්‍රික් වැඩසටහන හෝමාගම මධ්‍ය මහා විදුහල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
එම තරගය සඳහා ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ සිසුන් සහ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහභාගිවූ අතර, තරගයේ ජයග්‍රහණය ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට හිමිවිය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ මඟ පෙන්වීම යටතේ, මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය)
ජී.වී. නිලන්ති මහත්මිය විසින් සිදු කෙරුණි.
එම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, සහකාර ප්‍රාදේශී ලේකම් බී.එස්. කැකුලාවල, හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හේමන්ත ගමගේ, දේශීය වෛද්‍ය අමාත්‍යාංයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඕ. වී. චන්දන තිලකරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂක (සංවර්ධන) චමල්. ඩී. තේනුවර, වෛද්‍ය අයි.ඩී.කේ.ඩී. දිසානායක යන මහත්ම මහත්මියහු ද නාවින්න සහ බොරැල්ල අයුර්වේද රෝහල්වල වෛද්‍යවරුන් සහ දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය නිලධාරීන් ද ගොඩගම සුභාරතී මහා විද්‍යාලයේ සහ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද ආරාධිත අමුත්තෝ ද සිසු දරු දැරියෝ ද සහභාගි වූහ.