Home » අවු. 14කට පෙර සෙබළුන් 2ක් වෙඩි තබා ඝාතනය කළ සෙබළා පෝරකයට

අවු. 14කට පෙර සෙබළුන් 2ක් වෙඩි තබා ඝාතනය කළ සෙබළා පෝරකයට

by mahesh
December 8, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

මන්නාරම පරප්පකණ්ඩාල් යුද හමුදා කඳවුරේදී යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කොට තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි යුද හමුදා සෙබළෙකුට මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහායිල් මහතා විසින් පෙරේදා (06) මරණීය දණ්ඩනය නියම කළේය.

2009 ඔක්තෝබර් මස 2 වැනිදා මන්නාරම පරප්පකණ්ඩාල් යුද හමුදා කඳවුරේදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මුරුන්කන් පොලිසිය එම යුද හමුදා කඳවුරේම සෙබළෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගෙන් ප්‍රශ්නකොට ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත නිදහස ලබා සිටි අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව මන්නාරම මහාධිකරණයේදී විභාගයට ගැනීමෙන් පසුව වසර 14 කට පසුව චූදිතයාට මරණීය දණ්ඩනය හිමි වී තිබේ.

යුද හමුදා කඳවුර තුළ ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම නිසා කෝපයට පත් යුද හමුදා සෙබළා සිය රාජකාරි ගිනි අවියෙන් සෙසු යුද හමුදා සෙබළුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT