මැණික් ව්‍යාපාරිකයෙකු සේ පෙනී සිටි පොලිස් උපාය දූතයෙකුට ජාඇළ නගරයේ චන්ද්‍රා පෙෙදසේදී පෙරේදා (06) සවස ගජමුතුවක් රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයකට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් ප්‍රධාන සැකකරු මතුගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයන් අතර බ්‍රෝකර්වරයෙකු වශයෙන් කටයුතු කරන අයෙකු බවත් 51 හැවිරිදි අනෙකා අම්පාරේ පදිංචි හේන් ගොවියෙකු බව ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් විසින් වටිනා ගජමුතුවක් අෙලවි කිරීමට සූදානම් වන බවට ජාඇළ පොලිසියේ විශේෂ කාර්ය බළකා අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇළ පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.
අත්අඩංගුවට ගෙන ඇති ගජමුතුව අම්පාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුද සතුව පැවැති එකක් බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශන කටයුතුවලදී සැකකරුවන් අද රටේ සිදුවන නීති විරෝධී ගජමුතු ජාවාරම් ජාලයේ පුරුක් බවට තොරතුරු හෙළිවූ බව ද පොලිසිය සඳහන් කරයි.
මීට දින 4 කට පෙරද ජාඇළ නගරයේදී රුපියල් ලක්ෂ හැට තුනකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ ගජමුතුවක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.
සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.