හොරකම් කර විදේශ රටවල සඟවා ඇති අපේ සම්පත් නැවත රටට ගෙන ඒම වෙනුවෙන් නිදි වරාගෙන මැති ඇමැතිවරුන් මෙන්ම නිලධාරීන්ද වැඩකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ විවාදයට එක් වෙමිනි.
තව දුරටත් විපක්ෂ නායක මෙසේද පැවසීය.
එසේ ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට බංකොලොත් කළ පාර්ශ්වයන් කවුරුන්ද යන්න මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය අනාවරණය කළ යුතුයි. එම තීන්දුව අනුව කටයුතු කරමින් රටෙන් හොරා කන ලද සම්පත් සහ මුදල් නැවත රට තුළට ගෙන ඒමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.
යම් කාලවකවානුවක දී විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් සුරැකීමේ නාමයෙන් විවිධ පාර්ශ්වයන්ට ලංකාවේ මුදල් ගෙවා තිබෙනවා.