ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වීපාක්ෂික ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම සහ ජාත්‍යන්තර තොරතුරු ආරක්‍ෂාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි ප්ලැටනොවිච් මහතාගේ සහ අධිකරණ විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි.
රුසියාව නියෝජනය කරමින් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නියෝජ්‍ය ලේකම් ඇලෙක්සැන්ඩර් නිකොලවිච්, නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරොවිච් මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මේ සාකච්ඡාවට එක් වූ අතර, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නේකෝන් මහතා සහ අමාත්‍යංශ මහජන ආරක්ෂක නිලධාරීහු පිරිසක්ද ඊට එක්ව සිටියහ.