254
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කර තිබේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (06) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දෙන ලදි.
කඳුරට දමිළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම වඩිවෙල් සුරේෂ් මහතා වෙත පවරා තිබේ.
එසේම බදුල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඒ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ එම දිස්ත්‍රික්කයන්හි වතු කම්කරු ජනතාවගේ සුබසාධන කටයුතු සොයා බැලීම, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සුරක්ෂිතභාවය සහ ප්‍රවර්ධනය මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටලු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇත.