කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ හදිසි නිරීක්ෂණයට පෙරේදා (06) රාත්‍රියේ ලක් කෙරිණි.
සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මේ නිරීක්ෂණය සිදු කෙරිණි. ශල්‍යාගාර,වාට්ටු,ලේ බැංකුව මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ අතර මේ හදිසි නිරීක්ෂණයේ දී රෝගීන්ගේ X-Ray පරීක්ෂණ සහ CT Scan පරීක්ෂණ සාමාන්‍ය පරිදි සිදු වන අයුරු නිරීක්ෂණයට ලක් කෙරිණ.
සමස්තයක් ලෙස හදිසි අනතුරු අංශයේ වැඩ කටයුතු ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව මෙහිදී නිරීක්ෂණය විය.ප්‍රතිකාර සේවාවන්හි යෙදී සිටින විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහත් කැපවීමකින් යුතුව සිදු කරන සේවාව මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ඇගයීමට ද ලක් කෙරිණ.ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ද මේ අවස්ථාවට එක්විය.