Home » ඩිමෙන්ෂියාවෙන් මිදෙන්න බලු සුරතල් බලන්න ජපාන විද්‍යාඥයන්ගෙන් අනාවරණයක්

ඩිමෙන්ෂියාවෙන් මිදෙන්න බලු සුරතල් බලන්න ජපාන විද්‍යාඥයන්ගෙන් අනාවරණයක්

by mahesh
December 8, 2023 1:00 am 0 comment

බලු සුරතලකු ඇති දැඩි කරන අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට බලු සුරතලකු නැති පුද්ගලයන්ට සාපේක්ෂව ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම 40% කින් අඩු බව ජපානයේ විද්‍යාඥයන් පිරිසක් හෙළි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මතකය අඩු වීම, සිතීමේ හැකියාව පහළ වැටීම වැනි රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් වන ඩිමෙන්ෂියා රෝග තත්ත්වය බලු සුරතලුන් ඇති දැඩි කිරීමෙන් අවම කර ගැනීමට හැකියාව ඇතැයි ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍ර කරගත් පර්යේෂණ ආයතනයක විද්‍යාඥයන් අනාවරණය කර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.

ටෝකියෝ නුවර පදිංචිකරුවන් 12,000ක් අතර එම අධ්‍යයනය සිදු කර ඇති අතර, බලු සුරතලුන්ගේ හිමිකරුවන්ගේ එළිමහන් ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයට අත්‍යවශ්‍ය ව්‍යායාම ලැබීමට හේතු වන බවත්, බලු සුරතලුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යෑමට හේතු වන බවත් එමඟින් හෙළි වී තිබේ. ලොව පුරා මිලියන 55කට අධීක ජනතාව මේ වන විට ඩිමෙන්ෂියා තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT