වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක් මහ දවල් කඩා එහි තිබූ බැංකු කාඩ් පතක් සොරා ගෙන ගොස් නිට්ටඹුව නගරයේ මත්පැන් අලෙවි හලකින් අරක්කු බෝතල් තුනක් රැගෙන ගොස් සිටි සොරෙකු අද (07) උදෑසන අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි.
වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ යතුරු පැදියක ආරක්ෂක පෙට්ටියක් ඊයේ (06) දහවල් කඩා එහි තිබූ බැංකු කාඩ් පතක් සොරා ගෙන ගොස් තිබිණ.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ බී නිලන්ත මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වා ගෙන යද්දී ලද තොරතුරකට සැකකටයුතු පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මොහු විසින් ත්‍රිරෝද රථයේ ආරක්ෂක පෙට්ටියක් කඩා එහි තිබූ බැංකු කාඩ් පතක් සොරා ගෙන ගොස් නිට්ටඹුව නගරයේ මත්පැන් අලෙවි හලකින් අරක්කු බෝතල් තුනක් ලබා ගත් බවට හෙළි කර ඇත.
ඒ අනුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා සොරා ගෙන ගොස් තිබූ බැංකු කාඩ් පත හා එයින් ලබා ගෙන තිබූ අරක්කු බෝතල් තුනක් ද සොයා ගත් බවද පොලීසිය කීය.
මොහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි විසි හය හැවිරිදි විවාහකයෙකු බවද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
මොහු තවත් මෙවැනි සොරකම් සිදු කොට ඇති බවට සැකකෙරෙන හෙයින් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බවද පොලීසිය කියා සිටියේය.