454
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා භාවනා යෝගීව භික්ෂුන් වහන්සේ නමක් අධිෂ්ඨාන පා ගමනක යෙදීමින් සිටියි.
මෙලෙස අධිෂ්ඨාන පා ගමනේ යෙදී ඇත්තේ ශ්‍රී සෝභනාරාමය , කලුවලගොඩ, ඌරගස්මංහන්දිය විහාරයේ දියපිට ගල්ලන සෝභිත හිමියන්ය.
“රට සුරකින ත්‍රිවිධ හමුදාවට මෙන්ම සියලු ලක්වාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්” මෙම පා ගමන පසුගිය 30 වැනිදා පේදුරුතුඩුවෙන් ආරම්භ කර ඇත. ඒ අනුව මැදවච්චිය නගරය අද(07) උදෑසන පසුකළ දියපිට ගල්ලන සෝභිත හිමියන් හට යුද්ධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව ලබා දී තිබුණි.
(මැදවච්චය – සජිත් ගයාන් උබේපාල)