Home » පේදුරුතුඩුවේ සිට දේවුන්දරතුඩුවට පා ගමනින් වඩින භික්ෂුවක්

පේදුරුතුඩුවේ සිට දේවුන්දරතුඩුවට පා ගමනින් වඩින භික්ෂුවක්

by chanaka
December 7, 2023 11:20 am 0 comment

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා භාවනා යෝගීව භික්ෂුන් වහන්සේ නමක් අධිෂ්ඨාන පා ගමනක යෙදීමින් සිටියි.

මෙලෙස අධිෂ්ඨාන පා ගමනේ යෙදී ඇත්තේ ශ්‍රී සෝභනාරාමය , කලුවලගොඩ, ඌරගස්මංහන්දිය විහාරයේ දියපිට ගල්ලන සෝභිත හිමියන්ය.

“රට සුරකින ත්‍රිවිධ හමුදාවට මෙන්ම සියලු ලක්වාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්” මෙම පා ගමන පසුගිය 30 වැනිදා පේදුරුතුඩුවෙන් ආරම්භ කර ඇත. ඒ අනුව මැදවච්චිය නගරය අද(07) උදෑසන පසුකළ දියපිට ගල්ලන සෝභිත හිමියන් හට යුද්ධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව ලබා දී තිබුණි.

(මැදවච්චය – සජිත් ගයාන් උබේපාල)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT