Saturday, April 19, 2025
Home » මළ ගෙදරක සූදූ ක්‍රීඩාකළ අයෙක් පිහි ඇණුමකින් මරුට

මළ ගෙදරක සූදූ ක්‍රීඩාකළ අයෙක් පිහි ඇණුමකින් මරුට

by yasara
December 7, 2023 11:49 am 0 comment

තියුණු මන්නා පිහි පහර එල්ල කර අද (07) අලුයම , සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක් ඉදිරි පිට සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු  මරා දමා ඇති බව සීදුව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කටුනායක , කොළඹ පාර , අංක 92 ලිපිනයේ පදිංචි තොම්මගේ ඉරෝෂන් රජීන්ද්‍ර ප්‍රනාන්දු නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා  කටුනායක ” නිව් අඹ සෙවන ” නැමැති කාමර කුළියට දෙන ස්ථානයක් සහ අවන්හලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි .

මොහුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මිනීමැරුම් නඩු දෙකක් පවතින බවත් මොහු පුරුද්දක් වශයෙන් ප්‍රදේශයේ මළ ගෙවල් වල රාත්‍රී කාළයේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරන අයෙකු බවත් පොලිසිය පැවසීය .

“ඩියෝ ” වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නොහදුනන දෙදෙනෙකු , තියුණු මන්නා පිහි වලින් පහර එල්ල කර මොහු ඝාතනයට ලක් කර තිබේ .

මෙම මරණය සිදු වූ ස්ථානයට මීගමුව මහේස්ත්‍රාත්වරයා පැමිණ සිය නිරීක්ෂණයන් සිදු කර ඇති අතර , මේ වනවිට මෙම මළ සිරුර  මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ .

මෙම මරණයට සම්බන්ධ කිසිවෙකුත් මේ වනවිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන නොමැති අතර මෙම මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව , මරණකරුගේ ඥාතීන් වෙත මෙම සිරුර භාර දීමට පොලිසිය පියවර ගනිමින් සිටිති.

සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT