Home » සිසුන්ගේ හැසීරිම වඩාත් නරක පන්ති කාමර සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව

සිසුන්ගේ හැසීරිම වඩාත් නරක පන්ති කාමර සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව

by chanaka
December 7, 2023 11:24 am 0 comment

ඔස්ට්‍රේලියාවේ පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබේ.

2019 වසර වන විට එම අගය සියයට 18.9ක් ලෙස සටහන්ව ඇති අතර මේ වන විට එම අගයෙහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව සිසුන්ගේ හැසීරිම වඩාත් නරක පන්ති කාමර සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉහළින් පවතින බව සෙනෙට් පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

දෙමාපියන් අතින් සිදුවන අපයෝජනයන්, සිසුන් සහ පාසැල් කාර්ය මණ්ඩලය අතර පවතින සෘණාත්මක සබඳතා සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ පැවති සීමා මෙලෙස සිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් කෙරෙහි සෘජුව බලපෑම් කර ඇති බව වාර්තා වේ.

සිසුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගුරුවරුන්ට අවශ්‍ය සම්පත් – කාලය සහ සහාය ලබා දීම මගින් මෙම තත්වය පාලනය කරගැනීමට හැකිවනු ඇතැයි ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය අවධාරණය කරයි.

පාසැල් විෂයමාලා අතරට චර්යා විෂය මාලාවක් ඇතුලත් කල යුතු බවටද යෝජනා ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් 2021 වසරේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඕස්ට්‍රේලියානු රජයේ පාසල් වලින් සියයට 89ක ආබාධිත සහිත සිසුන්ට අධ්‍යාපනය ලබා දිමට සුදුසු පහසුකම් නොමැති බවයි.

SOURCE : https://www.abc.net.au/news/2023-12-05/school-classroom-behaviour-concerns-after-senate-inquiry/103186088

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT