Monday, April 21, 2025
Home » ඉපදී සති දෙකකින් නිවුන් දරුවන් විකුණු මව අත්අඩංගුවට

ඉපදී සති දෙකකින් නිවුන් දරුවන් විකුණු මව අත්අඩංගුවට

by yasara
December 7, 2023 12:59 pm 0 comment

ඉපදී සතියක් ඉක්ම යන්නට පෙර තම නිවුන් දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දීඑම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදෑසන ත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

සැකකාර නිවුන් දරුවන්ගේ තරුණ මව සහ ඇගේ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය ප්‍රදේශයේදීත් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහකාර වෘතියේ යෙදෙමින් එහි නවාතැන් ගෙන සිටි අදාල මව මීට සතියකට ඉහත බොරැල්ල කාසල් රොහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඇයගේ පලමු විවාහයෙන් වෙන්ව එම විවාහයෙන් තවත් දරු දෙදෙනෙකු සිටින බවත් ඔවුන් ඇයගේ මවගේ භාරයේ සිටිනබවද මෙහිදී හෙලිව ඇත.

ඇය විසින් අලෙවි කරණ ලද නිවුන් දරු දෙදෙනාගේ පියා පිළිබදව ඇය නිසි තොරතුරක් මෙතෙක් ලබා දී නැති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති අදාල මව සහ පොලිස් භාරයේ පසුවන නිවුන් දරු දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සදහා මේ වනවිට රාගම ශීක්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

සැකකාරියන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT