Sunday, April 20, 2025
Home » නකල්ස් සංරක්ෂිත කලාපයේ ගැටළු විසඳීමට ව්‍යාපෘතියක්

නකල්ස් සංරක්ෂිත කලාපයේ ගැටළු විසඳීමට ව්‍යාපෘතියක්

by yasara
December 7, 2023 11:01 am 0 comment

නකල්ස් සංරක්ෂිත කලාපය තුළ දේශගුණික විපර්යාස ගැටලු විසඳීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත  බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් හරිත දේශගුණික අරමුදල මගින ලබාදී ඇති අතර 2023  සිට 2028 වසර දක්වා මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

ව්‍යාපෘතිය සඳහා  රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන් තිස්  අටක සහභාගිත්වය ලබා ගන්නා අතර    මාතලේ පොළොන්නරුව, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක පහක හෙක්ටයාර් 6 72000 ක් ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කරනු ලබයි.

නකල්ස් ජලධාරා ප්‍රදේශ ආශ්‍රිතව ග්‍රාමීය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට අයත් ඉඩම් ඒකාබද්ධ කළමනාකරණ සැලැස්ම තුළින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි සූදානම් කිරීම , සාක හා සත්ව සම්පත සංරක්ෂණය කිරීම ,ජල ධාරා කලමනාකරණය, මෙම ප්‍රදේශයන්ට උචිත භෝග ප්‍රචලිත කිරීම,රිවස්ටන් මාර්ගය සංවර්ධනය කිරීම,පාංශු සංරක්ෂණය,පාංශු පරීක්ෂණ හා දේශගුණික ව්පර්යාසය පිළිබඳ තාක්ෂණික විද්‍යාගාරයක්  ඇති කිරීම හා කුඩා වැව් අමුණු වැඩිදියුණු කිරීම මෙම  මෙයම ව්‍යාපෘතිය මගින් සිදු කරන බව මාතලේ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT