ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය පසුගිය සතියේදී 8.78%කින් ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. ඒ සංඛ්‍යාවෙන් 34.5%ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද, එයින් 14.6%ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 12.8%ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 3.4%ක් වාර්තා වන අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් 17%ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 8%ක්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් 6%ක්ද වාර්තා වන බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ 5.7%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 5.7%ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 5.5%ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 3.8%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 3.5%ක් ලෙස ඩෙංගු ව්‍යාපතියේ වර්ධනයක් පෙන්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 75,015ක් වාර්තා වී තිබෙන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ 15,868ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 14,865ක්, මහනුවර දිස්ත්‍රික්කයේ 7,449ක්, කළුතර දිස්ත්‍රික්කයේ 4,656ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 3358ක්ද වාර්තා වී තිබෙන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,500ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,142ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 3,009ක් ඒ අතර වෙති.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් අධි අවදානම් සහිත ප්‍රදේශ ලෙස දැනුම් දී තිබෙන අතර අත්තනගල්ල, ගම්පහ, මීරිගම, රාගම, පූජාපිටිය, මැණික්හින්න, උකුවෙල, මාතලේ, බද්දේගම, බෝපේ, මාතර, යාපනය, බදුල්ල සහ ගොඩකවෙල ඒ අතර වෙයි.
සන්ධ්‍යා කරුණාරත්න