251
අධිකරණය මඟින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කරන ලද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ ‘G’ සිර මැදිරියේ රඳවා ඇත. මෙය විශේෂ සිරමැදිරියක් වන අතර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ආරක්ෂාව පිණිස එම සිරමැදිරියට යොමු කළ බව එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ආගමික දේශනා පවත්මින් සෙසු ආගම්වලට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේ දේවගැතිවරයා ලබන 13 දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (1) නියම කළේය.
බුද්ධිකා ඉඹුලාන