Home » සටන් විරාමය අවසන් වීම රිෂී සුනාක්ගේ කනස්සල්ලට

සටන් විරාමය අවසන් වීම රිෂී සුනාක්ගේ කනස්සල්ලට

by gayan
December 2, 2023 1:00 am 0 comment

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය දින 7කින් අවසන් විම පිළිබඳ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයේ මානුෂීය විරාමය බිඳ වැටීම දැඩි කනගාටුවට කරුණක් බව බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල -හමාස් සංවිධානය අතර සටන් විරාමය සඳහා පැවැති සාකච්ඡාවලදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ කටාර් රාජ්‍යයේ නායකයකු හමුවීමෙන් පසු අගමැතිවරයා මේ ප්‍රකාශය සිදු කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සටන් විරාමය බිඳ වැටිම සම්බන්ධව ලෝක නායකයන් දැඩි ලෙස කනගාටුවට පත් වන බවත්, සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ ගාසා තීරයේ අවතැන් වූ ජනතාවට මානුෂීය ආධාර ළඟා කර ගැනීම සහතික කිරීමට ගත් අඛණ්ඩ උත්සාහය කඩාකප්පල් වීම කනගාටුදායක බවත් බ්‍රිතාන්‍ය අගමැති කාර්යලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. රිෂී සුනාක් කෝප් 28 සමුළුව සඳහා එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි නුවර වෙත ගොස් ඇති අතර, එහිදී ඔහු ඊශ්‍රායල, ජෝර්දාන සහ ඊජිප්තු රාජ්‍ය නායකයන් හමු වී ඇතැයි ද වාර්තා වේ. සාමය සඳහා හවුල්කරුවකු විය නොහැකි බවත්, ගාසා තීරයේ අනාගතය සම්බන්ධව සුබවාදී පියවරක් ගැනීමට නොහැකි වී ඇති බවත් මේ සටන් විරාමය බිඳ වැටීමෙන් පෙන්නුම් කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවත් ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුගත වන ලෙසත්, බටහිර ඉවුරේ පදිංචිකරුවන්ට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රචණ්ඩත්වය පාලනය කරන ලෙසත් බ්‍රිතාන්‍ය දිගින් දිගටම ඊශ්‍රායලයට බලපෑම් කරන බවද ඔහු සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT