ආසියාවේ භාණ්ඩාගාර කණ්ඩායම් හා ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සඳහා වෙන් වූ මුද්‍රණ ප්‍රකාශනය වන Corporate Treasurer විසින් පිරිනමනු ලබන 2023 CT සම්මාන උලෙළේදී මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ‘හොඳම භාණ්ඩාගාර කණ්ඩායම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.
කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – භාණ්ඩාගාර අසේල විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “බැංකුවේ සුවිශේෂී කාර්ය සාධනය පිටුපස ඇත්තේ විවිධ මානයන් ඔස්සේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් භාණ්ඩාගාර අංශයේ නොසැලෙන කැපවීමයි.
මෙය ද්‍රවශීලතා කළමනාකරණයේ සිට වෙෙළඳ ෙපාළ අවදානම් අඩු කිරීම දක්වා පරාසයක විහිදේ. අපගේ බංග්ලාදේශ මෙහෙයුම් සහ මාලදිවයිනේ අනුබද්ධිත භාණ්ඩාගාර ඒකක ද කළමනාකරණය කරන අතරම භාණ්ඩාගාර අංශය උපාය මාර්ගික මුලපිරීම්, නවෝත්පාදක ආයෝජන හා පාරිභෝගික සේවය කෙරෙහි ඇති තිර අවධානය මඟින් බැංකුවේ මූල්‍ය ශක්තියට සහ නියාමනවලට ඇති අනුකූලතාවන්ට විශාල දායකත්වයක් සපයන ආදර්ශමත් ප්‍රතිඵල නිරන්තරයෙන් ලබා දෙයි.”
ද්‍රවශීලතා කළමනාකරණය හා මෑත කාලීන විදේශ විනිමය හිඟය පිළිබඳව කටයුතු කිරීම, උපායමාර්ගික ආයෝජන තීරණ, ගනුදෙනුකරුවන්ගේ බැඳීම ඉහළ මට්ටමක පැවතීම, ලාභ අරමුණුවලින් ඔබ්බට ගිය බැංකුවේ කාර්යභාරය, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, විදේශ විනිමය ගනුදෙනු හා විදේශ මුදල් අනුපාත අවදානම් කළමනාකරණය සඳහා නවෝත්පාදක ක්‍රම ඔස්සේ තාක්ෂණය යෙදවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව හා පිරිවැය ඉතිරි කිරීම් උත්පාදනය කිරීම
යන සියල්ල තුළ කොමර්ෂල් බැංකුවේ භාණ්ඩාගාර අංශය ලැබූ සාර්ථකත්වය මෙම CT සම්මානයෙන් පිළිබිඹු වේ.
කොමර්ෂල් බැංකුවේ භාණ්ඩාගාර අංශයේ ප්‍රධානි තිවංක දමුණුපොළ සම්මානය ලබා ගනිමින්