Wednesday, April 23, 2025
Home » සා/පෙළ ලියූ 72%ක් උසස් පෙළට සුදුසුකම් ලබලා

සා/පෙළ ලියූ 72%ක් උසස් පෙළට සුදුසුකම් ලබලා

by gayan
December 2, 2023 1:00 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 245,521ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 72.07%ක් බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) පැවසීය. පෙර වසරේ උසස් පෙළට සුදුසුකම් ලැබූ සංඛ්‍යාවට වඩා වැඩි වීමක් මෙවර සිදුව ඇති බවත්, එවසරේ සුදුසුකම් ලැබුවේ 62.63%ක් වන අතර මෙවර ඒ ප්‍රතිශතය 72.07%ක් ලෙස ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගයට මෙවර සිසුහු 472,553ක් පෙනී සිටියහ. ප්‍රතිඵල අනුව ‘ඒ’ සාමර්ථ්‍ය 9 ම ගත් දරුවන් 13,588ක් වාර්තා වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.39%ක් බවද ඇමැතිවරයා කීය. පසුගිය වසරේ සියලු විෂයයන්වලට ‘ඒ’ සාමර්ථ්‍ය ගත් සිසුන් 11,053ක් වාර්තා වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.31%ක් වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා මාස 3ක් කල් ගිය අතර, ඒ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමටද ප්‍රමාද වූයේයැයිදඇමැතිවරයා කීය. උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයෙන් පසු සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කළේ අගෝස්තු අවසානයේ බවත් මාස තුන හමාරක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සියලු ගුරු භවතුන්ට ස්තුතිවන්ත වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT