Home » නව සුව ඇමැති යටතේ වෙනස්කම් රැසක් සිදු වෙතැයි හිතනවා

නව සුව ඇමැති යටතේ වෙනස්කම් රැසක් සිදු වෙතැයි හිතනවා

by mahesh
December 1, 2023 1:00 am 0 comment

නව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා යටතේ සෞඛ්‍ය සේවය තුළ වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ තෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කෙළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා සහභාගි වෙමිනි.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

අපි හිතනවා නව ඇමැතිවරයා යටතේ, 2024 දී රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොඳ දේවල් සිදු වෙයි කියලා. ඒ වගේම නව සෞඛ්‍ය ඇමැතිවරයාට සුබ පතන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා. මේ අය වැය විවාදය විශේෂ වන්නේ විපක්ෂයටයි. නමුත් විපක්ෂ නායකවරයා ඒක කරන්න දෙනවද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. මේ අය වැය විවාදය ආරම්භ වූ දින ඉඳන්ම ප්‍රමාද වුණා. ඒ විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය නිසයි. හැබැයි පෙරේදා හරියට වේලාවට විවාදය ආරම්භ කරන්නට පුළුවන් වුණා. මොකද වුණේ එදා විපක්ෂ නායක සභාවේ හිටියේ නෑ. හැමදාම විපක්ෂ නායකවරයා මොකක් හරි කියලා මේ විවාදය පරක්කු කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT