කොළඹ රාජකීය විදුහලේ 11 වසර J පන්තියේ ඉගෙනුම ලබන සඳයුරු සනහස් ආරියසිංහ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම සිව් වැනියා ලෙස සමත්වී තිබේ. කොළඹ නාලන්දා විද්‍යාලයෙන්, ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ සඳයුරු සනහස් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183ක් ලබා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී ඇත.
සාමාන්‍ය පෙළ විභාගයට ආසන්නයේදී සිංහල විෂයට පමණක් උපකාරක පන්තියකට සහභාගි වූ ඔහු අනෙක් විෂයන්ට දැනුම පාසලෙන් ලබාදෙන අධ්‍යාපනයෙන් සපුරාගෙන මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.
විද්‍යාලයීය පරිගණක සමාජයේ සාමාජිකයකු ද වන ඔහු ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිෂ්‍ය කාණ්ඩයේ කුසලතා හිමි කරගෙන ඇති අතර පියානෝ වාදනය සහ සංගීත අංශයෙන්ද සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගෙන ඇත.
ඔහුගේ පියා විරංග ආරියසිංහ වෘත්තියෙන් ඉංජිනේරවකු වන අතර මව සුමුදු සුබසිංහ වෛද්‍යවරියකි.