සිසුන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ උපකාරක පංති ගුරුවරයකු මුලතිව් හී පිහිටි නට්ටාංකණ්ඩාල් පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 27ක් වයසැති ගුරුවරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. මෙම ගුරුවරයා විසින් අපයෝජනය කර ඇත්තේ 16 හැවිරිදි සිසුන් තිදෙනෙකු බව පොලිසිය කියයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පංති පවත්වන මෙම උපකාරක පංති ගුරුවරයා ඔහුගෙන් අධ්‍යපනය ලබන සිසුන් තිදෙනකු මෙසේ අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසිය කියයි. මෙම සිදුවීම මාස 10කට පෙර සිදුවී ඇති බවත් පොලිසියට ඒ ගැන පැමිණිල්ල ලැබී ඇත්තේ පෙරේදා (29) බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.