ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සිලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය මහතා එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සිලය පිරිනැමූ ‘ගෝලීය මානුෂීය සම්මානය’ රැගෙන පෙරේදා (29) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
ආචාර්ය දිමුතු බාලසූරිය මහතාට මේ සම්මානයට අමතරව ‘ආසියානු සාම නියෝජිත’ තනතුරද පිරිනමා ඇති අතර, මේ සම්මාන සහ තනතුරු ඉකුත් 26 දා තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සිලය මඟින් පැවැත්වූ උත්සවයකදී ඔහුට පිරිනමා තිබිණි. ආචාර්ය දිමුතු බාලසූරිය මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සිලයේ නිලධාරීහු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.