පළාත් පාලන මැතිවරණය නිසි කලට නොපැවැත්වීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බව නීතිඥ විරාන් කොරයා මහතා පෙරේදා (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් කිහිපයක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිඥවරයා මේ බව සඳහන් කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ ගාමිණී අබේසේකර මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදි.
පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහිදී පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා එහිදී කරුණු ඉදිරිපත් කළේය.
නියමිත ප්‍රතිපාදන නොලැබීමත්, මැතිවරණ රාජකාරි සඳහා පොලිස් සේවය ප්‍රමාණවත් නොමැති වීමත් යන්න මැතිවරණය නොපැවැත්වීමට හේතු ලෙස වගඋත්තරකරුවන් දක්වා ඇති බවත්, මැතිවරණය සඳහා පසුගිය අය-වැයෙන් බිලියන දහයක් වෙන් කළ බවත්, එම මුදල් වෙනත් කටයුතුවලට නොයොදවා මැතිවරණයට පමණක් යෙදවීම කළ යුතු බවත්, මැතිවරණයට යෙදීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් නොමැති වීම කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවන බවත්, මැතිවරණය නොපැවැත්වීමෙන් රජය විසින් ව්‍යවස්ථාදායක වරදක් කර ඇති බව පෙනී යන බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම කල් තබන ලදි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා සහ ජාතික ජන බලවේගය විසින් මේ පෙත්සම් ගොනු කර තිබුණි.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සහ එම කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වූහ.