Monday, April 21, 2025
Home » ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන්…ප්‍රහාර ඇරඹෙයි

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය අවසන්…ප්‍රහාර ඇරඹෙයි

by chanaka
December 1, 2023 7:04 pm 0 comment

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර දින හතක සටන් විරාමය අවසන් කරමින් ගාසා තීරයේ යළිත් සටන් ආරම්භ වී ඇත.

ඒ අනුව දින 7කට පසු ගාසා තීරයේ අහස යළිත් වරක් වෙඩි හඩින් දොන්කාර දෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂෙල් ප්‍රහාර හා මෝටාර් ප්‍රහාර මෙන්ම කුඩා ආයුධ වල ගෝෂාව ද නිමක් නැතුව ඇසෙන බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවලට බෝම්බ හෙලීම නැවත ආරම්භ වීමත් සමඟ එහි පදිංචිකරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පලා යන ලෙස අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර ඇත.

ඊශ්‍රායල සිරකඳවුරුවල සිටි පලස්තීන සිරකරුවන් 240ක් වෙනුවට හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් මුදා හැරීමෙන් සතියකට පසු යළි ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටියි.

ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර ද එල්ල කර ඇතැයි වාර්තා වේ.

අමෙරිකාව පසුගියදා ඊශ්‍රායලයට අනතුරු ඇඟවූයේ උතුරු ගාසා තීරයේ දක්නට ලැබෙන “විශාල සිවිල් ජීවිත විනාශය” දකුණේදී නැවත සිදු නොවිය යුතු බවයි.

ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ ඔක්තෝබර් 07වැනිදා සිට මේ දක්වා ළමුන් 6,000 ක් පමණ ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT