සුරාසැල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියි
අද (01) පැවති සුරාබදු පරීක්ෂකවරුන්ගේ 23 වැනි වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සුරාසැල් සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව සදහන් කරන ඇමතිවරයා පැවසීය.
වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බව නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරාසැල් ව්‍යාප්තිය ද හේතුවක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.