Home » කොළඹ උතුර-දකුණු අද අවසන් සටනේ
15න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් 

කොළඹ උතුර-දකුණු අද අවසන් සටනේ

by mahesh
November 29, 2023 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
කොළඹ දකුණ නායක තෙවිඳු වේවැල්වල සහ කොළඹ උතුර නායක ලිතුම් සෙනුජ කුසලානය සමඟ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රීමා අනුග්‍රහයෙන් සංවිධාන කරන අන්තර් දිස්ත්‍රික් අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ දකුණ සහ කොළඹ උතුර කණ්ඩායම් අතර අද (29) වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ රාජකීය විදුහලේ තෙවිඳු වේවැල්වලගේ නායකත්වයෙන් තරග කළ කොළඹ දකුණ කණ්ඩායම (11) අපරාජිතයන් ලෙස අවසන් තරගයට පිවිසි අතර, වෙස්ලි විදුහලේ ලිතුම් සෙනුජ මෙහෙයවන කොළඹ උතුර කණ්ඩායම් ජයග්‍රහණ 2ක් සහ විසඳුමකින් තොර තරගයක් සමඟ ප්‍රසාද ලකුණ 7ක් ලබා අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගත්තේය.

මේ තරගාවලියට කණ්ඩායම් 5ක් එක් වූ අතර, තරග 2ක් ජයගත් ගාල්ල තෙවැනි ස්ථානයට පත් විය. එක් ජයකින් මහනුවර සිවුවැනියා වෙද්දි සහභාගි වූ තරග 5ම පරාජය වූ දඹුල්ල අවසන් ස්ථානයට වැටිණි.

කොළඹ දකුණ – තෙවිඳු වේවැල්වල (නායක), රෙහාන් පීරිස්, හිරුන් මතීෂ, ලසිරු සඳකැන්, චනුල් අතලේ, සත්සර නිලංජිත්, ජේසන් ප්‍රනාන්දු, මතීෂ අපෝන්සු, හිමරු දේශාන්, රුෂාන්ද සිල්වා, ජනුල් දම්හිරු, යසරු ප්‍රවීන්, දුනීතා අනුසාර.

කොළඹ උතුර – ලිතුම් සෙනුජ (නායක), ශාන් රශ්මික, ජනිදු හෙට්ටිආරච්චි, යෙනුල දන්තනාරායන, කවිත් ද සිල්වා, දුල්නෙත් අගලවත්ත, දසිත් පෙරේරා, ළහිරු ලක්මාල්, දිනුජ සමරරත්න, ගවිඳු රණසිංහ, සෙනිත් නෙත්සර, බුද්ධිම තරුපති, සදීෂ සිල්වා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT