Home » අධිවේගී මඟට වසර 12යි: සත්බුදු වන්දනා පින්කමක්

අධිවේගී මඟට වසර 12යි: සත්බුදු වන්දනා පින්කමක්

by mahesh
November 29, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

අධිවේගී මාර්ගය ආරම්භ කර පෙරේදා (27) දිනට වසර 12ක් පිරීම නිමිත්තෙන් සත්බුදු වන්දනා පින්කමක් බණ්ඩාරගම ගැලනිගම අන්තර් හුවමාරු පාලන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

බැල්ලන්තුඩාව ශ්‍රී ශෛලපුෂ්පකරාරාම විහාරාධිපති බෙරලපනාතර සමිත හිමියන් පින්කම සඳහා වැඩම කළහ.

මෙහිදී දැනට සේවය කරන සියලුම සේවක සේවිකාවන්ට, පොලිස් නිලධාරීන්ට, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සෙත් ප්‍රාර්ථනා කළ අතර, අධිවේගී මාර්ගයේදී හදිසි අනතුරුවලින් මිය ගිය අයට පින් පෙත් ප්‍රාර්ථනා කිරීම ද සිදු කෙරිණි.

අධිවේගී මාර්ග ඒකාබද්ධ සුබසාධක සංගමය මඟින් මෙම පින්කම සංවිධානය කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT