රඹුක්කන හේවාදීවෙල මහා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය හා භාෂාගාරය බිඳ රුපියල් ලක්ෂ අටක් වටිනා පරිගණක 5ක් ඇතුළු දේපළ සොරාගෙන තිබුණු සැකකාර ආදි ශිෂ්‍යයන් තිදෙනා ඇතුළත් දේපළ පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.
රඹුක්කන හේවාදීවෙල මහා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය 2022 අප්‍රේල් 19 වැනිදා ජනේලය ගලවා රුපියල් පනස් දහසක් වටිනා ඈම්ප් එකක් හා මයික් එකක් සොරාගෙන ගොස් තිබුණි. යළි 2023 අගෝස්තු මස 11 වැනිදා විද්‍යාලයේ භාෂාගාරයේ ජනේලයක් බිඳ රුපියල් ලක්ෂ හත හමාරක් වටිනා පරිගණක යන්ත්‍ර පහක් ඇතුළු උපාංග සොරාගෙන ගොස් ඇති බවට විද්‍යාලයේ විදුහල්පතිවරයා රඹුක්කන පොලිසියට පැමිණිලි කර තිබුණි.
පැමිණිල්ලට අනුව සැකකරුවන් තිදෙනා පෙරේදා 27 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීම් මත පරිගණක එක් සැකකරුවකුගේ නිවසේ මිදුලේ වළක් හාරා සඟවා තිබුණු බවත් තවත් පරිගණක දෙකක් කුකුළු කොටුවක හා ගස් බෙනයක ද තවත් අලෙවි කර තිබිය දී සොයාගෙන තිබුණි. අත්අඩංගුවට ගෙන ඇති වයස අවුරුදු 19 ක සැකකරුවන් දෙනෙක් හා වයස අවුරුදු 22 ක තිදෙනෙක් බවත් ඔවුන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් බවත් පොලිසිය පැවසීය. සැකකරුවන් දෙදෙනෙක් අයියා මලෝ බවත් පොලිසිය පැවසීය. සැකකරුවන් ඊයේ (28) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ කෑගල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර, රඹුක්කන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් අබේරත්න, උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය, කාන්තා උප පොලිස් පරීක්ෂක කමලා, පොලිස් සැරයන්වරුන් වන මදුසංක (68714), කටුගම්පොළ (73713), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (72599), තෙන්නකෝන් (79838), මානවඩුගේ (90544) සැකකරුවන් ඇතුළු දේපළ අත්අඩංගුවට ගෙන තිබුණි.