නව හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබියදී මහාධිකරණය මඟහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකු වසර 20කට පමණ පසුව බියගම පොලිසිය මඟින් ඉකුත් ඉරිදා 26 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ මහතාට මොහු බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාව කරන බවට ලද තොරතුරක් මත විමර්ශනය කොට එම ආයතනයට ගොස් ඔහු මෙසේ අත්අඩංගුවට ගැනිණි. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි විවාහකයෙකු වේ.
දැනට වසර 20කට ඉහත මොහු විසින් බදුල්ල ප්‍රදේශයේම පදිංචි එවකට නව හැවිරිදි දැරියක් දූෂණය කර තිබෙන අතර එවකටත් ඔහු 27 වන වියේ පසු වූ විවාහකයෙකු වන බවද පොලිසිය කීය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.