කළුතර දිස්ත්‍රික් සාහිත්‍ය උළලේ දී ප්‍රවීණ කලාකරුවන් හය දෙනකු සාහිත්‍ය ශූරී සම්මානයෙන් පිදුම් ලැබූහ. පසුගියදා (26) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති කළුතර දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේ දී සාහිත්‍යයට හා කලා කේෂ්ත්‍රයට අමිල මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවන් හය දෙනකුට විශේෂ සම්මාන හා තිලින ප්‍රදානය කෙරිණි.
මෙහිදී කලාශූරී එක් සම්මානයක්ද, සාහිත්‍ය ශූරී සම්මාන පහක්ද කළුතර දිස්ත්‍රික් සංස්කෘති අංශයෙන් පිරිනමන ලදි.
ලේඛන කලාව , නාට්‍ය හා මාධ්‍ය අංශය සඳහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ මීවනපලාන පදිංචි ප්‍රවීණ කලා ශිල්පි ආචාර්ය ජිනදාස වීරකෝන් මහතාට කලාශූරී සම්මානයක් පිරිනැමුණු අතර වයෝවෘද්ධ හා අසනීප තත්ත්වය නිසා ඒ මහතා උත්සවයට නොපැමිණි අතර ඒ වෙනුවෙන් ඔහුගේ පවුලේ කෙනෙක් සහභාගි විය.
නර්තනය සඳහා පානදුර ආශා විජේසේකර, මාධ්‍ය කලාව සඳහා හොරණ ප්‍රේමකුමාර කරුණාරත්න, ශාන්තිකර්ම හා කලා කටයුතු සඳහා හොරණ හඳපාන්ගොඩගේ ඇන්ඩි සිංඤො , අගලවත්තේ හැන්ඩි සිංඤෝ නිවේදන සහ කලාව සඳහා කළුතර සුමිත් කරුණාරත්න යන මහත්ම මහත්මීන් මෙසේ සාහිත්‍යශූරී සම්මානයෙන් පිදුම් ලැබූහ.