Wednesday, April 9, 2025
Home » රුක් රෝපණ වැඩසටහන්වලදී සිටවූ බේරුවල වෙරළේ ගස් කපා දමලා

රුක් රෝපණ වැඩසටහන්වලදී සිටවූ බේරුවල වෙරළේ ගස් කපා දමලා

by mahesh
November 29, 2023 1:00 am 0 comment

අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා

බේරුවල නගර සභාව මැදිහත්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන අවස්ථා ගණනාවක දී පසුගිය වසර කිහිපය තුළ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ සිදු කළ රුක් රෝපණ වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස වැඩෙමින් තිබූ වට අඩි අඟල් 6,8 පමණ ගස් සියල්ලම මේ වන විට කපා දමා විනාශ කර ඇතැයි බේරුවල නගර සභාවේ හිටපු නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් මහතා පවසයි. ඇතැම් විට රජයේ මුදල් ද වැය කර රුක් රෝපණ වැඩසටහන් සිදු කරන බවත් මෙලෙස ක්‍රීඩාංගණයට විවේකය ගත කිරීමට පැමිණෙන ජනතාවට සෙවණක් මෙන්ම අලංකාරයක්ද ගෙන ඒමටත්, අනාගතය වෙනුවෙන් මෙම ව්‍යාපෘතීන් සිදු කළේ යැයි හෙතෙම පැවසීය.

ඒ කෙසේ වෙතත් එම ගස් සියල්ල මේ වන විට කිසියම් හස්තයක ක්‍රියාකාරීත්වයක් මත කපා දමා ඇතැයි හිටපු නගරාධිපතිවරයා පවසයි.

මෙම භූමි භාගය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු එකක් බව පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීහුද පෙන්වා දෙති. මේ පිළිබඳව විමසීමේදී බේරුවල ප්‍රාදේශීය ලේකම් රංජන් ප්‍රියලාල් පෙරේරා මහතා සඳහන් කළේ මේ පිළිබඳ තමා දැනුම්වත් නොමැති බවත් ඒ පිළිබඳව වහා සොයා බලා කටයුතු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT