වවුනියාවේ ඕමන්ත පණ්ඩිකේත්තිකුලම් ප්රදේශයේදී මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් ගම්වාසීන් විසින් පෙරේදා (27) සොයා ගෙන තිබේ.
ගම්වාසීන් ඕමන්ත ග්රාම නිලධාරිවරයාට පවසා ඇත්තේ එම වන අලියා මීට දින තුනකට හෝ හතරකට ඉහතදී මිය ගොස් ඇති බවට සලකුණු ඇති බවයි. ග්රාම නිලධාරිවරයා මේ බව ඕමන්ත පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය විසින් වනජීවී නිලධාරීන් දැනුම්වත් කොට තිබේ.
වනජීවී නිලධාරීන් මියගිය වන අලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති අතර වන අලියාගේ මරණයට හේතුව එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ප්රකාශයට පත් කරන බව පවසා සිටියේය. මේ මාසයේ ගත වූ දින කිහිපය ඇතුළත වවුනියාව හා මුලතිව් පළාත්වලින් වන අලින්ගේ මරණ 7ක් වාර්තා වී ඇති අතර, ඉන් තුනක් දුම්රියේ ගැටීම නිසා ද එක් මරණයක් විදුලි සැර වැද්දවීම නිසා ද සිදුව තිබූ අතර ඉතිරි දෙක වෙඩි තැබීම්වලින් සිදු වූ වන අලි මරණ වෙයි.
වනජීවී නිලධාරීන් හා පොලිසිය මාසයක් ඇතුළත හත්වන වරට මියගිය මෙම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.