Home » ධීවර බෝට්ටුවට ලක්ෂ දෙකක් දී ඉන්දියාවට පැන්න හත්දෙනා ඉන්දීය පොලිස් අත්අඩංගුවට

ධීවර බෝට්ටුවට ලක්ෂ දෙකක් දී ඉන්දියාවට පැන්න හත්දෙනා ඉන්දීය පොලිස් අත්අඩංගුවට

by mahesh
November 29, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනයේ සුෂිපුරම් ප්‍රදේශයේ එකම පවුලක සාමාජිකයින් හත් දෙනෙකු සරණාගතයින් වශයෙන් ඉන්දියාවට ඇතුළු වීමෙන් පසුව ඔවුන්ව පරීක්ෂණ කටයුතු සඳහා ධනුස්කොඩි වෙරළාරක්ෂක පොලිසිය විසින් පෙරේදි (27) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයේ පිරිස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ තලෙයිමන්නාරම ජැටියේදී ධීවර බෝට්ටුවකට මුදල් ගෙවීමෙන් අනතුරුවය.

හත් දෙනාම ඉන්දියාවට රැගෙන යාම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් එම පවුල විසින් ධීවර බෝට්ටුවේ අයිතිකරුට ගෙවා ඇත.

බෝට්ටුකරු ඔවුන් හත් දෙනා ධනුස්කොඩි මුහුදු වෙරළට ආසන්නයේ පිහිටි වැලි කන්දකට දමා ආපසු පැමිණ ඇති අතර උදෑසන ධනුස්කොඩි වෙරළාරක්ෂක පොලිස් නිලධාරීන් මේ පිරිසව දැක ප්‍රශ්න කොට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හත් දෙනා මේ වන විට සරණාගතයින් භාර නිලධාරීන් වෙත යොමු කොට ඇතත් ඔවුන්ගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිට සරණාගතයින් ලෙස පෙනී සිටිමින් ඉන්දියාවට යන පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා විවිධ ගණයේ අපරාධකරුවන් සිටින නිසා සරණාගතයින් වශයෙන් ඉන්දියාවට ඇතුළු වන පිරිස දැඩි ලෙස සෝදිසි කිරීමටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඔවුන් ගැන තොරතුරු ශ්‍රී ලංකා පොලිසියෙන් විමසීමටත් ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

මේ වසරේ ගත වූ කාලය ඇතුළත උතුරෙන් පුද්ගලයින් 189 දෙනෙකු සරණාගතයින් වශයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් 26 දෙනෙකු අපරාධකරුවන් ලෙස හඳුනා ගැනීමෙන් පසුව ඉන්දීය පොලිසිය විසින් ඔවුන්ව ශ්‍රී ලංකව වෙත භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT