දිවුලපිටිය ප්‍රදේශයේ බෙදා හැරීමට ගෙන ආ රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා මත්ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් දිවුලපිටිය ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් කලක් තිස්සේ දිවුලපිටිය ප්‍රදේශයට පැමිණ මෙසේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිට ඇතැයි ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. සැකකරුවන්ගේ ප්‍රකාශ මත එක් සැකකරුවෙකුගේ දෙල්ගොඩ නිවස පරික්ෂාවට ලක් කර එහි තිබූ මත් පෙති තොගයක් සොයා ගැනීමට ද හැකි වූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගැනුණු මත් පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දොළහක් බවට ගණන් බලා ඇත. මෙම සැකකරුවන් දෙදෙනා සහ නඩු භණ්ඩ සමඟ මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ පොලිසිය පැවසීය.