Home » වඩා ඵලදායි අය වැයක් ඉදිරිපත් කර තිබෙනවා
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට යථා තත්ත්වයට පත් කර

වඩා ඵලදායි අය වැයක් ඉදිරිපත් කර තිබෙනවා

by mahesh
November 29, 2023 1:00 am 0 comment

ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වූ නිසා උද්ධමනය පහළ අගයකට රැගෙන ඒමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.

ආර්ථිකය පැවති දුර්වල මූල්‍ය තත්ත්වය නිසා පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පවත්වා ගැනීමට නොහැකි වූ බවද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව ද, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවසන් කමිටු වාර්තාවට අත්සන් තැබීම පැහැර හැරි බව ද ඔහු පැවසීය. ප්‍රතිපත්ති ගරුකභාවය ආරක්ෂා කරගනිමින් රජය තුළ කටයුතු කිරීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඊයේ (28) එක් වෙමිනි.

වවුනියාව දිස්ත්‍රික්කය ආහාර නිෂ්පාදනයේ අතිරික්ත දිස්ත්‍රික්කයක් ලෙස විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බව ද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරට පැමිණ තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අනුමත කර ගැනීම සඳහා වූ විවාදයට අපි කාටත් එක් වන්නට පුළුවන් වාතාවරණය ඵලදායී ලෙස ඇති කරමින්, ගිය වසරට වඩා එය ඵලදාව ඇති කරපු රජයක් හැටියට අපි මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණියේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් සම්පූර්ණයෙන් කඩාවැටුණු ආර්ථිකයත් කඩා වැටුණු නීතියේ ආධිපත්‍යත් ජාත්‍යන්තරව වලංගු නැති තත්ත්වයකට පත් වුණු අපේ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සම්භාරය යළිත් නිවැරදි කරන්නට පුළුවන්කම ඇතිවෙනවා. ඒ බව මං පළවෙනියෙන් සිහිපත් කරන්න කැමැතියි.

මම ගිය වාරෙත් සිහිපත් කළා. යළිත් සිහිපත් කරනවා. මේ අපි අනුගමනය කරන මොඩලය අපේ හර්ෂ සිල්වා මැතිතුමා එකඟ වෙයි. දැනට තියෙන පොතේ මොඩලය නෙමෙයි. ඒ නිසාම අපේ නිගමනයන් යළි යළිත් කල්පනා කරන්නට කියනවා. ග්‍රීසිය අරන් බලන්න. ග්‍රීසිය බංකොලොත් තත්ත්වයට පත් වුණා. මොකද කළේ අගමැතිතුමාට පාරෙත් ඇවිද යන්නට වුණා. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වහාම නැවතුණා. විශ්‍රාමිකයන්ට වැටුප් ගෙව්වේ නැහැ.

ඒ අර්බුදයෙන් ගොඩ ආවේ යුරෝපා හවුල ගිහිල්ලා ඒ අර්බුදයෙන් තාවකාලිකව විසඳන්නට සහයෝගය දුන්න නිසා. පෘතුගාලය, ස්පාඤ්ඤය මේ මොඩලය තමයි මෑත කාලයේ මේ පාවිච්චි කරපු මොඩලය මොකද ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම. නමුත් අපි රාජ්‍ය පරිපාලනයේ 14 ලක්ෂයක සේවාවේ සිටින අය එලෙස දහස් ගණනින් රක්ෂාව අහිමි කරන්නට තීරණයට පැමිණෙන්නේ නෑ. අපිටත් එහෙම කරන්න තිබුණා. අපිටත් ඒ යෝජනා ඉදිරිපත් කළා.

සාකච්ඡා මාර්ගයෙන් ඒ තත්ත්වයන් වෙනස් කර ගනිමින් කටයුතු කරන්න පුළුවන් වීම මම හිතෙනවා මුළු මහත් රාජ්‍ය සේවයට දේශපාලන පක්ෂ භේදයන් හිතවත්කමින් තොරව පිළිගත හැකි ප්‍රගති පියවරක් විශ්වාසයත්.

ඒ නිසා ඒ සඳහා විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නයට ද අපේ අවධානය ද යොමු කරනු ලැබුවා. අපි කිහිප වතාවක් මගේ කාරක සභාවේ ඔබතුමාත්, මමත්, රාජ්‍ය අමාත්‍යතුමා ඔයාල දෙදෙනාත් සාකච්ඡා කළා. අපි විශ්‍රාමිකයන්ට එක්ව තිබුණු ලොකු බැංකු ණයක් විසඳාගන්න පුළුවන්කම තිබුණා. ඒ තුළින් විශ්‍රාමික දෙපාර්තමේන්තු හා එම අරමුදල්වල යම්කිසි බරකින් අඩු කර ගැනීමත්, ඉදිරියට වඩාත් අඩු කර ගැනීමට හැකි මාර්ගයට පිවිසෙන ක්‍රියාවලින් විශ්‍රාමිකයන්ට තවදුරටත් බලාපොරොත්තු තත්ත්වයන් ගොඩනැඟීමට හැකියාව ඇතිකර තිබෙනවා.

ඒ පිළිබඳ විස්තර ඔබතුමා විසින් මම හිතන්නේ විශේෂ පරිශීලනය කළොත් මේ ඇස්තමේන්තුවල ඒ පියවරවල් සහ ඒ වාර්තාවල එක් එක් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු පැහැදිලි වෙන්නම ඇති. අපි මේ ජීවන දීමනාව දහදාහකින් වැඩි කර තිබෙනවා. ඒ වගේ වුණා විශ්‍රාමිකයන්ට ද අනෙක් ක්ෂේත්‍රවලට ද එවැනි මේ හිමිකම් කීම හැකි ලෙස ද සහනයක් සලසලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයට විනයක් තියෙන්න ඕන. අමාත්‍යවරයෙක් දිවුරුම් දෙන්නේ ඒ විනය අනුව වැඩ කරන්න. රජයේ ප්‍රතිපත්ති අනුව. රජයේ ප්‍රතිපත්තියත් එක්ක එකඟ නැත්තන් යන එකයි තියෙන්නේ. මීට ඉස්සෙල්ලා ඇමැතිවරු ඕන තරම් අස් වෙලා ගිහිල්ලා තියෙනවා. අස් කරලා තියෙනවා. මට මතක් වෙනවා, සිහිපත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ යෝධ දෙදෙනෙක්ව අයින් කරලා දැම්මා, ප්‍රේමදාස ජනාධිපතිතුමා. ගාමිණි දිසානායක මැතිතුමාවයි, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT