Home » අය වැයෙන් මුදල් වෙන් කළ නිසා දැන් ඡන්දය තියන්න පුළුවන්

අය වැයෙන් මුදල් වෙන් කළ නිසා දැන් ඡන්දය තියන්න පුළුවන්

by mahesh
November 29, 2023 1:00 am 0 comment

මැතිවරණ පැවැත්වීම සඳහා අය වැයෙන් මුදල් වෙන්කර ඇති නිසා පළාත් පාලන, පළාත් සභා මැතිවරණ පැවැත්වීම සිදු කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) පැවසීය.

මුදල් නැති බව පවසමින් මැතිවරණ කල් දැමීමට දැන් නොහැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

රාජ්‍ය සේවකයාට රුපියල් 20,000ක වත් දීමනාවක් දිය යුතුයි. රුපියල් 10,000ක දීමනාව මදි. අය වැය විවාද අවසානයේ දී හෝ රාජ්‍ය සේවකයාගේ දීමනාව 20,000ක් කරන්න ආණ්ඩුව කටයුතු කරයි කියලා අපි හිතනවා. වතු කම්කරුවන්ගේත් වැටුප් වැඩි කළ යුතුයි. අවම වශයෙන් වතු කම්කරුවාගේ වැටුප දිනකට රුපියල් 2000ක්වත් විය යුතුයි. රාජ්‍ය සේවාවට බඳවා ගැනීම් දැන් නතර කර තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු පුරවමින් ඔවුන්ගේ වැටුප් ද නිසි තලයකට ලබාදිය යුතුයි. විශ්‍රාමික ගැටලුව ද දිග් ගැස්වෙමින් තිබෙනවා. ගුරු වැටුප් විෂමතාවන් ද තවමත් විසඳා නැහැ. විශ්‍රාමිකයන්ට වැටුප් දීමනා ගැටලුවක් ද තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT