ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන බවත් 2027 වසර අවසන් වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේදයට අද(29) එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේය.
ඇමතිවරයා එහිදී මෙසේ ද කියා සිටියේය,
“උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝ මීටර් 204 කට අධික භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර සිවිල් ජනතාව වෙනුවෙන් නිදහස් කළා. තවත් වර්ග කිලෝ මීටර් 15කට ආසන්න භූමි ප්‍රමාණයකයි බිම් බෝම්බ ඉවත් කිරීමට තිබෙන්නේ. මේ සම්බන්ධව අපිට විදේශ ආධාර ලැබිලා තියෙනවා. විදේශ ආදාර දෙන රටවල් වල ලංකාවේ වැඩපිලිවෙල ගැන ලොකු ප්‍රසදායක් තියෙනවා. ඒ අය විශාල උනන්දුවක් තියෙනවා. ඒ අයගේ ඉලක්ක වලට අපි ගිහින් තියෙනවා. ඒ පිළිබදවත් සම්මන්ත්‍රනවලට ගියාම ලොකු ප්‍රතිචාරයක් අපේ වැඩපිලිවෙල ගැන තියෙනවා. ඒ සම්බන්ෂව අදාල නිලධාරීන්ට අපි ස්තුතිය පුද කරනව. “
“කොටි ත්‍රස්තවාදී යුද්ධය නිසා 1985 දි මුලුමනින්ම විනාශයට පත්වුනු යාපනය නගර ශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට වෙන් කර තිබෙනවා. එහි අදියර 1හි ඉදිකිරීම් ලබන වසර තුළ අවසන් කරන්න අපි අපේක්ෂා කරනවා.“
“පුනරීන් නගරය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පුනරීන් නගර සංවර්ධන සැලැස්ම යටතේ පුනරීන් කොටුව ආශ්‍රිත සංචාරක කලාපය සංවර්ධනය සහ පුනරීන් වෙළදපොළ හා සෙසු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.“
“ගැටුම්වලින් පීඩාවට පත් උතුරු හා නැගෙනහිර ජනතාවගේ පානීය ජල ගැටළුවට විසදුම් ලබාදීමට ද පසුගිය කාලයේ අපි කටයුතු කළා. කිළිනොච්චිය, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස නැනෝ ප්ලාන්ට් ජල පෙරණ ඒකක 50ක් ස්ථාපිත කර තිබෙනවා.“
“ඉන් 25ක් මේ වන විටත් ජනතා අයිතියට පවරා අවසන්. ඉතිරි ඒකක 25 ද මේ වසර අවසන්වීමට පෙර ජනතා අයිතියට පත් කරනවා. මේ වසරේ දී මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 11ක්. උතුරු නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 500න් තවත් නැනෝ ප්ලාන්ට් ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“
“විශේෂයෙන්ම අපි උතුරු නැගෙනහිර ඉලක්ක කරගෙන නිවාස 25,000 ක් සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. අපි මේවන විට විදුලි බල අමාත්‍යංශය සමග සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂය වන වින විට භාගෙට ඉදිකරලා තියෙන ගෙවල් 25,000 කට උතුරු නැගෙනහිර මේ සූර්ය පැනල සවි කරන ව්‍යාපෘතිය යටතේ ගෙවල් හදන්න. එතකොට ඒ බර රජයට ලැබෙන්නේ නැහැ. ඒ ආයතනවලට ලැබෙනවා. ඒ ලාබයෙන් කොටස් ආයෝජනය කරන සමාගමට ලැබෙනවා.“
“යුධ ගැටුම්වලින් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා රජය විවිධ පාර්ශවයන්ගේ සහාය ඇතිව කටයුතු කළා. ඒ අනුව මේ වන විට නිවාස 148,848ක් ඉදිකරලා නැවත පදිංචි කිරීම සිදු කර තිබෙනවා. මේ වසර ආරම්භ වන විට නිවාස ඒකක 1,700 ක වැඩ අවසන් වෙලා තිබුනේ නැහැ. ඉන් නිවාස 1,104ක් මේ වන විට වැඩ අවසන් කර තිබෙනවා. අපි මේ වසරේ දී තවත් නිවාස ඒකක 1,665ක ඉදිකිරීම් ආරම්භ කලා.“
“මෙම නිවාස ඉදිකර අවසන් කිරීම සඳහා රුපියල් මිලයන 1,500ක් සහ යටිතල පහසුකම් සැලසීමට තවත් රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙනවා. එය අත්‍යවශ්‍ය මුදල් වෙන් කිරීමක් ලෙසයි මම විශ්වාස කරන්නේ. ඉදිරි වසර 3ක කාලය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන්න අපි අපේක්ෂා කරනවා.“