Home » හිටපු ජනපති මහින්ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනියි

හිටපු ජනපති මහින්ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනියි

by yasara
November 29, 2023 12:25 pm 0 comment

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  මහතා  අද  (29) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ  බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනු ලැබීය.

මෙහිදී හිටපු ජනාධිපතිතුමන් ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීම සඳහා පැමිණි කුඩා පාසල් ළමුන් සමඟ ද කෙටි පිළිසදරක නිරත වී ඔවුන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයා ඉවත් කිරීම හරිද වැරදිද යන්න තීරණය වන්නේ විවිධ පුද්ගලයන්ගේ සිතුම් අනුව බවයි.

පුද්ගලයන් අමාත්‍ය ධූරයන්ට පත්කිකිරීම හා ඉවත් කිරීම සාමාන්‍ය සිදුවීමක් බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසිය .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අප සූදානම් වන බවත් අප සිටින්නේ ජනතාවගේ පැත්තේ බවත් එතුමන් වැඩි  සඳහන් කළේය .

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රංජිත් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT