Home » පලස්තීන සහයෝගිතා දිනයට මහනුවර සහස් උයනේදී ප්‍රදර්ශනයක්

පලස්තීන සහයෝගිතා දිනයට මහනුවර සහස් උයනේදී ප්‍රදර්ශනයක්

by mahesh
November 29, 2023 12:58 am 0 comment

අසේල කුරුළුවංශ

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන පලස්තීන සහයෝගිතා දිනය නිමිත්තෙන් අද (29) සිට දෙසැම්බර් මස 02 වැනි දින දක්වා මහනුවර සහස් උයනේදී ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණයක් පැවැත්වෙයි.

පලස්තීන සහයෝගිතා මහනුවර සංසදය සහ පලස්තීන තානාපති කාර්යාලය මඟින් මෙය සංවිධානය කරනු ලබයි.

පලස්තීනයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇතිව තිබෙන ගැටුම් මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය පැවැත්වීමට හේතු නොවුණු බවත් එහි සංවිධාන කටයුතු ආරම්භ කරනු ලැබුවේ දෙපාර්ශ්ව අතර ගැටුම් ආරම්භ වීමටත් ප්‍රථමයෙන් බවත් පලස්තීන සහයෝගිතා සංසදයේ මහනුවර දිස්ත්‍රික් සභාපති නජාම් මොහොමඩ් මහතා කීය.

යුද්ධය හා මිනිස් ඝාතන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු රටවල් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ අපට ද මෙවැනි ගැටුමකට මැදිව අත්දැකීම් තිබෙන නිසා සියලු ශ්‍රී ලාංකිකයෝ යුද්ධය නතර කරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන 30ක පමණ සහාය ලැබී තිබෙන බව මහනුවර අන්තර් ආගමික කමිටුවේ කැඳවුම්කරු ගාමිණී ජයවීර මහතා පැවසුවේය.

ප්‍රදර්ශනය අද (29) පෙරවරු 8.30ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT